විපක්ෂයේ රැළියට යන බව පලනි කියයි
ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා එක් වි මේ මස (21) දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලිය හොද දෙයක් බවත්, එම රැලියට දමිළ ප්රගතිශීලි සංවිධානයේ සහයෝගය ලබා දීමට අපේක්ෂ කරන බව එම සංධානයේ නියෝජ්‍ය නායක පා.ම.පලනි දිගම්බරම් මහතා පැවසීය.
වත්මන් දේශපාලන තත්වය පිලිබද (01) දින හැටන් නගරයෙදි මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා ඒ බව පැවසීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ පා.ම. පලනි දිගම්බරම් මහතා කියා සිටියේ රජය බලයට පත් වි වසරක කාලයක් ගතවන තෙක් ඒ දෙස විපරමෙන් බලා සිටි බවත්, ඉදිරියෙදි රජයට විරුද්ධව කටයුතු කිරිමට විපක්ෂය සැළසුම් කරමින් සිටින බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
වතු කම්කරුවන්ගේ වැටුප රු.1700 දක්වා වැඩි කර දෙන බවට වූ ජනාධිපතිවරයා පොරොන්දුව වූ බවත්, එම වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජය සහ එම සමාගම් අතර මේ දින වල සාකච්ඡා පවතවන බවත්, එම සාකච්ඡාවේදි වතු සමාගම් රු.150ක් පමණක් වැටුප් වැඩි කිරිමට එකගතවය පල කල බවත්, ඉතිරි මුදල රජයෙන් වතු සමාගම් වලට ලබා දෙන බවට සාකච්ඡා කර ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
වතු කම්කරුවන්ගේ වැටුප රු.350කින් වැඩි කරන්නේ නම් එය මූලික වැටුපට එක් කර වතු කම්කරුවන්ට ලබා දෙන්නේ නම් තම සංධානයේ පූර්ණ සහයෝගය රජයට ලබා දෙන බවද පලනි දිගම්බරම් මහතා මෙම මධ්‍ය හමුවේදි පැවසීය.
පාරිභෝගිකයන් මිලදී ගන්නා භාණෟඩ වලට වෙළදසැල්වලින් ලබා දෙන ශොපින් මලු වලට මුදල් ලබ ගනීමේ ක්‍රමවේදයට පාරිභෝගිකයන් එකග නම් තම සංධානයද ඒ සදහා එකගතාවය පල කරන බවයි පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

