මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමේ රජයේ උත්සාහයට එරෙහි විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධව ප්‍රකාශයට අත්සන් තැබිම සිදු කර තිබේ.
පාර්ලිමේන්තුවේ කමිටු අංක 7 දී අද (20දා) මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම අත්සන් කිරීම සිදු කර ඇත.
එම ඒකාබද්ධ ප්‍රකාශයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතාන්ත්රවාදි වාමාංශික පෙරමුණ, 43 සේනාංකය, දෙමළ ජාතික සංධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, විජයධරණී ජනතා සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන, උත්තර සභාව ඇතුලු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයින් සහ නියෝජිතයි මෙලස අත්සන් කිරීම සිදු කර ඇත.
පසුගිය 12වන දින මෙම පක්ෂ නායකයන් සහ නීයෝජිතයන් අතර හමුවක් ජයවර්ධනපුර MONARCH IMPERIAL හිදි පැවැත්වුන අතර, එයට සහභාගි වූ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ඒකමතික තීරණයට අනුව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරනු ලැබීය.
මැතිවරණ ප්‍රතිසංස්කරණ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය උත්සාහ කළහොත් එයට තනි පක්ෂ වශයෙන් හා ඒකාබද්ධව දැඩි ලෙස එරෙහි වීමට ඒකමතික තීන්දුවක් ගත් අතර එම තීන්දුව ප්‍රකාරව එහි ප්රමුඛ පියවරක් ලෙස ප්‍රකාශයට අත්සන් තැබිම සිදුවිය.
අදාළ ප්‍රකාශයට අත්සන් තැබීමට ජනතා විමුක්ති පෙරමුණද සිය පූර්ණ එකඟතාවය දැනුම් දී තිබේ. ප්රජාතන්ත්රවාදයට එරෙහිව ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වලට එරෙහිව, ආගමික නායකයින්, සිවිල් සංවිධාන සහ වෘත්තිකයන් ඇතුළු පිරිස් වෙන් වෙන් වශයෙන් දැනුවත් කිරීමටත්,ජනතාව දැනුවත් කිරීමටත් ඉන් ඔබ්බට මේ අන්තනෝමතික ක්‍රියාවලිය පිලිබදව ජාත්‍යන්තරය දැනුවත් කිරීමටත් නියමිතය.