පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් පවතින රටක විකල්ප අගමැති වන්නේ විපක්ෂනායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ විපක්ෂනායකවරයාගේ නායකත්වයෙන් බලය බෙසාගෙන ආණ්ඩුවක් පිහිටුවා ජනතාවගේ ගැටලු විසඳීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
"අද ජනපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් නෑ. එතකොට විකල්ප අග්‍රාමාත්‍යවරයා කියන්නේ රටේ විපක්ෂනායකවරයා. ඕනෑම රටක පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ තියෙන්නේ විකල්ප අගමැති විපක්ෂනායක කියලා. ලෝකයේ ඕනෑම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, සංවිධානයක් කිසියම් රටකට ආපුවාම අග්‍රාමාත්‍යවරයාත් විපක්ෂනායකවරයාත් හමුවෙලා තමයි යන්නේ.
ඒ කවුරුවත් දන්නේ නෑ හෙට දිනයේ අග්‍රාමාත්‍යවරයා වෙන්නේ විපක්ෂනායකද කියලා. ඒ නිසා අපේ විපක්ෂනායකතුමත් එක්ක එකතුවෙලා. අපි අපි අතර බලය බෙදාගෙන එතුමගේ නායකත්වයෙන් අපි ඉතාමත් ඉක්මනින් රජය බිහිකරලා මිනිස්සුන්ගේ දුක් ගැනවිල්ල සමනය කිරීම තමයි අපේ බලාපොරොත්තුව.
ඒක අවසන් කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා. අපේ මූලිකම පරමාර්ථය රට අරාජිකත්වයෙන් ඉවත් කිරීම, ඉන් අනතුරුව ජනතාවගේ ගැටලු විසඳීම. ඊට පස්සේ තමයි රාජ්‍ය පාලනය ගැන කථා කරන්න වෙන්නේ"