පානදුර ද සිල්වා මාවතේ පිහිටි පානදුර දිසා විනිසුරු නිල නිවසේ දොර ජනේල් ගලවා එහි දේපොළ සොරකම්කර සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පානදුර දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය පානදුර දකුණ පොලිස් ස්ථානයට පසුගියදා (5) කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
දිසා විනිසුරුවරයා ගේ නිවසේ දොර ජනේල්වල සරනේරු හා සොයිබත් අගුළුල් මෙසේ සොරාගෙන ගොස් ඇති බව ඇය පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි දැක්වේ.
මෙම දිසා විනිසුරු නිල නිවසේ කිසිවෙක් පදිංචිව නැති බවත් සොරාගෙන ගොස් ඇති දේපොල වටිනාකම මෙන්ම සොරකම සිදුව ඇති නිෂ්චිත දිනයක් පැවසිය නොහැකි බවට රෙජිස්ට්රාර්වරියගේ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම නිවසේ කිසිවෙකු පදිංචි වී නොමැති නිසා එහි ජලය සහ විසි විදුලිය විසන්ධි කර ඇති අතර, පොලිස් ආරක්ෂාව ද මිට පෙර ඉවත් කර ඇති බව පොලීසිය කියයි.