විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිමේ රජයේ යෝජනාවට ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සියලු දෙනා විරුද්ධ
බව නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පැවැසිය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්විමක් අද පෙවරුවේ පැවැති අතර ඒයට මාර්ගගතවත් පිරිසක් ඒක්වූ බව ඔහු පැවැසිය. ඒම සියල්ලන්ම අත් ඔසවා රජයේ යෝජනාවට විරෝධය දැක්වූ බව සභාපතිවරයා පැවැසිය.
විනිසුරුවරුන්ගේ හඩද නියෝජනය කරන්නේ නීතිඥ සංගමය හරහා බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම තිරණය අදූරදර්ශී තිරණයක් බවද සභාපතිවරයා රැස්විමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පැවැසිය.
මෙම තීරණය අධිකරණයේ ස්වාධිනත්වයට දැඩි පහරක් බවත් එය දිගටම කථා කරන බවත් ඔහු පැවැසිය.
සමස්ත නීතිඥවරු කියනවා මෙය සම්පූර්ණයෙන්ම වැරදියි කියලා. මේක දූෂිතයි. අධිකරණයේ ස්වාධිනත්වයට
පහරක් වැදුනොත් ඒ්ක දිගුකාලීනවත් ගැටලුවක්. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටත් ගැටලුවක් ඇති වෙනවා.
