රජය විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ විධායක ජනපතිධුරය අහෝසි කිරිම සම්බන්ධයෙන් කිසිම සඳහනක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
අද (26දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ජනපතිට අමාත්‍යධුර භාර ගැනීමට නොහැකි බවට සදහනක් තිබුණත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ ජනපතිවරයාට අමාත්‍යධුර භාර ගැනීමට හැකි බවට සඳහන්ව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුව විසින් 19 ප්ලස් ගෙනු ඇති බවට අදහසක් තිබුණත් ගෙන එන්නේ 19 මයිනස් බවත් ඔහු පැවැසීය. මෙවැනි ආකාරයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෝකය පිළි නොගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.