මේ අවස්ථාවේදී විදේශ සහල් ගෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් දේශීය ගොවියා විසින් ගුණාත්මක තත්ත්වයෙන් උසස් සහල් නිපදවා ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
ඒ හරහා දේශීය ගොවියාට ඉහළ මිලක් ලබාගැනීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා පැවැසීය. එසේම වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීමට මුදල් නොමැති බවත් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව ඉල්ලීමක් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවැසුවේ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමෙන් ඉවත්වීම හේතුවෙන් මේ වන විට වෙළඳපොළ තුළ වී මිල පහළ බැස ඇති බවයි.