වසර 20කට පසුව වෙළඳ භාණ්ඩ විදේශ වෙළඳාමෙන් අතිරික්තයක් නිර්මාණය වී තිබේ. 2021 වසරේ ජුනි මාසයේදි ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1248ක් බවට පත්ව ඇති අතර වෙළඳ භාණ්ඩ ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1226ක් බවට පත්ව තිබේ.
මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක වෙළඳ අතිරික්තයක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාවේ අවසන්වරට වෙළඳ භාණ්ඩ වෙළදාමෙන් අතිරික්තයක් නිර්මාණය වී තිබුණේ 2002 වසරේ අගෝස්තු මාසයේදීය. එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක් විය.
වෙළඳ භාණ්ඩ ආනයනය පහළ යෑමට ප්‍රධාන වශයෙන්ම ගෘහ උපාංග, සීනි, වානේ, සන්නිවේදන උපාංග, යන්ත්රෝපකණ යනාදිය ආනයනයේ කැපී පෙනෙන පහළ යෑම පෙන්නුම් කෙරෙයි.
2021 වසරේ ජුනි මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 652ක් විය. කෙසේ වෙතත් විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කරමින් පවතී. 2021 ජුනි මාසයේදි ඇමෙරිකානු ඩොලර් මිලියන 478ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ 2022 ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 274ක් දක්වා සියයට 42.7කින් පහත ගොස් තිබේ.
