රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ණය නොවන විදේශ විනිමය හැකිතාක් රට තුළට ගෙන ආ යුතුව තිබෙන බැවින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ, බැංකු හරහා තමන් උපයන විදේශ විනිමය රටට ලබාදෙන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
ඩොලර් ගැටලුව නිසා ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකිව රෝගීන් දැඩි අවදානමකට පත්ව සිටින බවද එම තත්ත්වයෙන් රට මුදා ගැනීමට තමන්ට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරයා නීත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ මුදල් එවීම නතර කරන ලෙසද ඉල්ලා සිටියේය.
ඊශ්‍රායලයේ සහ ජපානයේ රැකියා හිමිවූ කණ්ඩායමකට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට අද (01දා) කම්කරු අමාත්‍යාංශයේදී එක්වෙමින් මනුෂ නානායක්කාර ඇමැතිවරයා මේ බව පැවසුවේය.
ජපානයේ රැකියා සදහා පිටත්ව යන 19 දෙනෙකුට සහ ඊශ්‍රායලය බලා පිටත්ව යන සාත්තු සේවිකාවන් 05 දෙනෙකුට මෙහිදී ගුවන් ටිකට්පත් ලබාදුන්නේය.
මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා, IM ජපන් ආයතනයේ නේවාසික අධ්‍යක්ෂක එච්.කවහාරා යන මහත්වරුන්ද එක්ව සිටියහ.

