කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල් මත ක්‍රියාත්මක සියලු ව්‍යාපෘතිවල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක් ඇති අතර වැවිලි කර්මාන්ත විෂය යටතේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකව පවතී. විශේෂයෙන් විදේශ අරමුදල් මෙම ව්‍යාපෘති සඳහා ලබා දී ඇත්තේ ණය ආධාර වශයෙන් වන අතර එම මුදල් නැවත අදාල විදේශ නියෝජිතායතන වෙත ගෙවිය යුතුව ඇත.
නමුත් මෙම ව්‍යාපෘති මගින් මුදල් වියදම් කිරීමේ දී හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අඩුපාඩු රැසක් පවතින සඳහන් කළ අමාත්‍යවරයා ගොවි ජනතාවට ප්රතිලාභ ලබා දීම සඳහා ලබා දිය යුතු එම මුදල් නිකරුණේ වියදම් කිරීම මගින් විශාල මුදලක් අපතේ ගොස් ඇතැයි තමාට වාර්තා වී ඇති බව ද සඳහන් කළේය.
එමෙන්ම මෙම ව්‍යාපෘති බාර නිලධාරින් පාර්ලිමේන්තුවේ කෝපා සහ කෝප් කමිටු ඉදිරියට කැඳවා කරුණු විමසිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අද දින (01) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.