විදේශ රැකියා සඳහා පිටත්වීම සැප්තැම්බර් මාසයේදී සියයට 10 කින් ඉහළට
2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්වීම සියයට 10න් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රි ලාංකිකයින් 28,344 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ප්‍රමාණය 25,716 කි.
2024 මුල් මාස 9 තුළ විදේශ රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 240,109 ක් වන අතර, එයට කාන්තා ශ්‍රමිකයින් ප්‍රමාණය 99,939 ක් හා පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 142,170 ක් ඇතුලත් වේ.
මෙම කාලය තුළ පුහුණු ශ්‍රමිකයින් 70,396 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඒ අතරට පිරිමි ශ්‍රමිකයින් 62,177 දෙනෙකු හා කාන්තා ශ්‍රමිකයින් 8,219 දෙනෙකු අයත් වේ. 2024 මුල් මාස 9 තුළ වෘත්තිය රැකියා සඳහා ශ්‍රමිකයින් 17,649 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, අර්ධ පුහුණු රැකියා සඳහා යොමුවූ ලාංකිකයින් ප්‍රමාණය 3,704 කි.
2024 මුල් මාස 9 තුළ වැඩිම ලාංකිකයින් පිරිසක් රැකියා සඳහා යොමුවී ඇත්තේ සෞදි අරාබියට වන අතර, එම ප්‍රමාණය 38,133 කි. මෙම කාලය තුළදී ලාංකිකයින් 6391 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් ඇති අතර, තවත් ලාංකිකයින් 6295 දෙනෙකු ජපානයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
එසේම දකුණු කොරියාවේ රැකියා සඳහා 5870 ක්, කුවේට් රාජ්‍යය සඳහා 5677ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා 3995 ක්ද පිටත්ව ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

