විදේශ රැකියාව අතරතුරදී විවිධ හේතුමත මරණයට පත්වූ ශ්රි ලාංකික ශ්රමිකයින් සිව් දෙනෙකු වෙනුවෙන් විදේශීය රක්ෂණාවරණය මගින් රු.18,213,556 ක (රුපියල් එක් කෝටි අසූ දෙලක්ෂ දහතුන් දහස් පන්සිය පනස් හයක්) මුදලක් වන්දි වශයෙන් පසුගියදා පිරිනමන ලදී.
මෙසේ වන්දි හිමිවූයේ, කුවේටයේ රැකියාවට ගොස් මරණයට පත්වූ, ඩබ්.ඒ.ධම්මිකා මහත්මිය, ඩබ්.පී.සීතා පද්ම කුමාරි මහත්මිය හා චානිකා මදුශානි මෙනවිය වෙනුවෙන් හා සෞදි අරාබියේ රැකියාව අතරතුරදී මියගිය නාලිනි ද සිල්වා මහත්මිය වෙනුවෙනි.
ඩබ්.ඒ.ධම්මිකා මහත්මිය වෙනුවෙන් රු.4,700,110.00 ක වන්දි මුදලක් හිමි වූ අතර, ඇයගේ ස්වාමි පුරුෂයාට හා දියණියන් දෙදෙනාට මෙම මුදල පිරිනමන ලදී. සීතා පත්මකුමාරි මහත්මිය වෙනුවෙන් රු.4,504,482.00 ක මුදලක් වන්දි වශයෙන් හිමිවූ අතර, ඇයගේ සැමියාගේ ඉල්ලීම පරිදි පුත්රයාට හා දියණියට මෙම මුදල හිමිවිය.
කුවේටයේ රැකියාව අතරතුරදී මියගිය චානිකා මදුශානි මෙනවියට හිමිවූ රු.4,504,482.00 ක මුදල ඇයගේ දෙමව්පියන් වෙත ලබාදෙන ලදී. සෞදි අරාබියේදී මියගිය නාලිනි ද සිල්වා මහත්මිය වෙනුවෙන් හිමිවූ රු.4,504,482.00 ක මුදල වන්දි වශයෙන් හිමිවූ අතර, සැමියාගේ ඉල්ලීම පරිදි දියණියට මෙම මුදල හිමිවිය.
මෙම විගමණික මහත්මීන් වෙනුවෙන් මෙම විදේශීය රක්ෂණ වන්දි මුදලට අමතරව කාර්යාංශයේ ලියාපදිංචිවීමේදී නොමිලේ හිමිවන වන්දි මුදල්ද ඉදිරියේදී ලබාදීමට කටයුතු යොදා තිබේ.ෙ