විදේශ නාවිකයන් 55ක් කටුනායකින් හා මත්තලින් දිවයිනට
කොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 55 දෙනෙකු 7/16 සහ 7/17 යන දින වල ගුවන් යානා 03 ක් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙයින් පළමුවෙන්ම 7/16 දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් විදේශීය නාවිකයන් 26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
7/16 දින රාත්රී 10.20 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 9115 දරන විශේෂ ගුවන් යානයෙන් ගාල්ල වරායේ නවතා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 21 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.
මෙම ගුවන් යානය 7/17 දින පස්වරු 1.55 ට ගාල්ල වරායේ නවතා ඇති නැවක සේවය කළ තවත් විදේශීය නාවිකයන් 25 දෙනෙකු රැගෙන ආපසු ඉන්දියාවේ චෙන්නායි බලා මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය.
7/17 දින අලුයම 1.00 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය විදේශීය නාවිකයන් 08 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම කටාර් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළේ රැදී සිටි විදේශිකයන් 145 දෙනෙකු රැගෙන ආපසු දෝහා බලා 7/17 දින අලුයම 1.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

