විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී එක් දින හා සාමාන්‍ය සේවය යටතේ මින් ඉදිරියට කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් සේවා සැපයීම සිදු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එක්දින හා සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේදී 2022.05.17 දින සිට කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර කර ගෙන පැමිණෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි.
නමුත් සේවා ලාභීන් බොහෝ පිරිසක් කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමකින් තොරව සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන බව නිරීක්ෂණය වී ඇත.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී එක් දින හා සාමාන්‍ය සේවය යටතේ මින් ඉදිරියට කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් සේවා සැපයීම සිදු කරන බවත් ඒ අනුව, කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමකින් තොරව පැමිණීමෙන් සේවා ලාභීන් අපහසුතාවයට පත්වීම නොවැළැක්විය හැකි කරුණක් බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
www.immigration.gov.lk දවබ් අඩවිය මගින් හෝ 070-7101-060 දුරකතන අංකය ඇමතීම මගින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැක. දුරකතන අංකය භාවිතා කරන්තදන්ත නේ රජදේ වැඩකරන දිනවල දප.ව. 8.30 සිට ප.ව. 3.00දක්වා අදාළ පහසුකම සලසා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.