විදේශ ගමන් බලපත්රඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ 29,578 දෙනෙකු අයදුම්කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම පිරිසෙන් 5,294ක් එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට හා 24,285ක් සාමාන්‍ය සේවය යටතේ බලපත්‍ර ලබාගැනීමට අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඔන්ලයින්ක්රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ මේ වසරේ ජුනි15 වැනිදා ආරම්භ කළ බවත්, මේ අනුව එදින සිට ගත වූ දින 30ක් තුළ මෙම අයදුම්පත් ප්‍රමාණය ලැබී තිබෙන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම අයදුම්කරු තම ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය බවත්, අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදුකළ හැකි බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම ක්‍රමය මත බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම්ද අවසන් වී ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කරයි.