විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ ආධාර හා පරිත්‍යාග සැලසුම් සහගතව හොද දැක්මකින් යුතුව නිසි අයුරින් කළමණාකරණය කිරිමට රජය කටයුතු කළහොත් ඉතා කෙටිකාලයකින් රට නැවත ගොඩනැගිය හැකි බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට දහයකට පමණ පිරිසකට සහ කෘෂිකාර්මික හා කර්මාන්ත ක්ෂේත්රයට දැඩි බලපෑමක් එල්ලවි ඇති බව සදහන් කළ මහාචාර්වරයා මෙම අවස්ථාවේ රටට ලැබෙන විදේශ ආධාර නිසි අයුරින් කළමණාකරණය කොට නව දැක්මක් යටතේ රජය බුද්ධිමත්ව කටයුතුව කළයුතුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
ආපදා තත්ත්වය නිසා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිවිමට ඉඩ ඇති බවත් මෙම අවස්ථාවේ රට නැවත යථා තත්ත්වයට පත්කිරිම සදහා මෙකි ආපදා තත්ත්වය ආශිර්වාදයකට ගෙන කටයුතු කළයුතුව ඇති බවද හෙතෙම පෙන්වාදෙයි.
මේ පිළිබදව අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙසේද කිවේය.
"මෙම වසර තුල සියයට පහක ආර්ථික වර්ධයක් බලාපොරොත්තුවුනා පළමු කාර්තුවේ සියයට 4.8ක් සහ දෙවැනි කාර්තුවෙ සියයට 4.9 ආර්ථික වර්ධනයන් ලගාකරගෙන තිබුනා. මෙම ආපදා තත්ත්වයත් සමග ආර්ථිකය දැඩි පසුබැමකට ලක්විමට ඉඩකඩ තියෙනවා. සමස්ත පසුබැම නැවත යථා තත්ත්වයට පත්කරගැනිම සදහා යම්කිසි කාලයක් ගතවේවි. මේ වනවිට විදේශ ආධාර ඇතුළු විවිධ පරිත්‍යාග රටට විශාල වශයෙන් ලැබෙනවා.
එම ආධාර නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහ විවිධ සංවිධාන හරහා පුද්ගලිකව ලැබෙන දේවල් තියෙනවා. ලැබෙන විදේශ ආධාර නිසි අයුරින් කළමණාකරණය කරලා මෙම අවස්ථාවෙන් රට නැවත යථා තත්ත්වය පත්කිරිමට හොද දක්මක් එක්ක වැඩ කළයුතුයි. දැනටත් රජය විසින් ඩොලර් බිලියන 03ක විදේශ ණය ගෙවනවා ඉදිරියේ දි වැඩිවෙන්නේ ඩොලර් බිලියන 02ක මුදලක්" බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

