විදේශීය සංචාරකයන් රැගත් පළමු ගුවන් යානයක් හෙට මත්තලට
ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සදහා නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය හෙට දින පස්වරුවේ යූක්‍රේනයේ සිට ගුවන් මගීන් 200 කට අධික පිරිසක් රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී ප්‍රකාශ කළේය .
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යාමත් සමග එය පාලනය කිරීම සදහා විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීම අත්හිටුවමින් ගුවන් තොටුපළ වසා දැමීමට රජය පියවර ගෙන තිබුණි .
මෙම ගුවන් යානය පැමිණීමත් සමග මෙම ව්‍යාපෘතිය යටතේ මේ ආකාරයට සැලසුම් කළ පරිදි කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත විදේශීය සංචාරකයන් රැගත් ගුවන් යානා පැමිණීමට නියමිත බව ද ගුවන් තොටුපළ සභාපතිවරයා පැවසීය .
ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් , ඉන්පසුව පුළුල් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදේශීය සංචාරකයන් සදහා විවෘත කරන බව ද ගුවන් තොටුපළ සමාගමේ සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
