විදේශයේ සිට පැමිණි 14 දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාවට
සිංගප්පූරුවේ සහ දෝහා කටාර් ගුවන් තොටුපළවල සිරවී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද 12 දියතලාව වැඩ සේවා නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.
ඇමරිකාවේ සිට පැමිණි දහ දෙනකු ද සිංගප්පූරුවේ සිට පැමිණි හතර දෙනෙකුද මෙම කණ්ඩායමේ සිටින අතර ඔවුන්ගෙන් දහදෙනකු පිරිමි ද හතර දෙනෙකු කාන්තාවන් ද වන බව දියතලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය .
කටුනායක ගුවන් තොටුපොළට අද අලුයම පැමිණි මොවුහු නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව කඳවුරට යොමු කර තිබේ.

popular news
-
Don Sunday, 12 April 2020 10:35 PM
Government had declared earlier that katunayaka Airport was closed, how could all these passengers arrive, were they flying on their own using their wings?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

