මනුෂ්‍යත්වයේ නාමයෙන්, දශක ගණනාවක විගමනික ශ්‍රමිකයන්ගේ අපේක්ෂාව යථාර්ථයක් කරමින්, ‘මනුසවි‘ සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට හැකි වූ බවත්, ඉදිරියේ දී මෙරට සෑම කම්කරුවකු ම සුරක්ෂිත කරන සාමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.
ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සංකල්පයකට අනුව විදේශ රැකියාවේ නිරතවූවන්ගේ විශ්‍රාමික දිවිය සවිමත් කිරීම සඳහා හඳුන්වා දෙන “මනුසවි” සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, අද (26දා) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශ්‍රවණාගාරයේ දී ජනගත කරමිනි.
විදේශ ගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය අනුව විදේශ ගත ශ්‍රමිකයා ලබාදෙන දායකත්ව මුදල සහ කාලය අනුව ලබාගන්නා විශ්‍රාම වැටුප තීරණය වේ. ඒ අනුව වයස අවුරුදු හැට සම්පූර්ණ වූ පසුව විශ්‍රාම වැටුප ලබාගැනීමට හැකිය.
“මනුසවි” සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කළ අමාත්‍යවරයා,
අපට වුවමණා වුණේ රටට සලකන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් මනුස්සත්වයේ නාමයෙන් ප්‍රතිඋපකාර දැක්වීමට පමණයි. අද මේ අපි වෙනුවෙන්, රට වෙනුවෙන් කැප වුණු ඒ මිනිස්සු වෙනුවෙන්, රටට අවශ්‍ය තෙල් ටික, බෙහෙත් ටික, ගෑස් ටික ගන්න උපකාර කරන, ඒත් මෙච්චර කාලයක් නොසලකා හැරි ඒ පිරිස වෙනුවෙන් උපරිමය කරන්න පමණයි.
අද අපිට පුළුවන් වුණා මනුසත්කමේ නාමයෙන් විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් ‘මනුසවි‘ සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කරන්න. සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය, විදේශ සේවා නියුක්ති කාර්යංශය මෙහි සුවිශේෂී වැඩ කොටසක් කළා. මනුසවි විශ්‍රාම වැටුප යථාර්ථයක් කර ගැනීමට සහයෝගය දීපු ඒ සියලු දෙනාට ම මනුෂ්‍යත්වයේ නාමයෙන් ස්තුතිවන්ත වෙනවා යැයි පැවසීය.
