සැප්තැම්බර් මාසයේදී මෙරට විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.24ක් දක්වා සියයට 1.1කින් වර්ධනය වී තිබේ. අගෝස්තු මස අවසානයේදී මෙරට විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් විය. මෙම සංචිතය ශ්රී ලංකාවේ මාස තුන හමාරක පමණ කාලයක් ආනයන ආවරණය කර ගැනිට ප්රමාණවත් වෙයි.