මේ වසරේ ජුනි මාසය හා සැසදීමේදී ජුලි මාසයේදි විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 5කින් ඉහළ ගොස් තිබේ.
2022 ජුනි මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 274.3ක් විය. කෙසේ වෙතත් ජුලි මාසයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 279.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් මේ වසරේ පළමු මාස හත තුලදී ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1889.4ක් විය.
නමුත් 2021 වසරේ එම කාලසීමාවේදී ලැබී තිබුණ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3776.6ක් විය. ඒ් අනුව මුල් මාස හත තුළ විදෙස් ප්‍රේෂණ ලැබීම සියයට 50කින් පමණ පහළ ගොස් තිබේ.