විදෙස් රැකියා සඳහා දෙවන වර ලියාපදිංචිය ඩොලර් ඒවීම අනුවයි
විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ඒසේම සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊශ්‍රායල් රාජ්‍යයේ ගෘහ සාත්තු සේවා රැකියා සඳහා විදේශ ගතවන තරුණියන් පිරිසකට ඊයේ (4) කම්කරු අමාත්‍යංශයේදී ගුවන් ටිකට් පත් පිරිනැමූ අවස්ථාවේදීය .
විදේශ රැකියා කර රටට එවන ඩොලර් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් රැගෙන එම සඳහා ඉදිරියේදී අවස්ථාව ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය වරයා පැවසුවේය.
තවද ඔවුන්ට ගුවන් තොටුපලේදි භාණ්ඩ මිලදි ගැනිම සඳහා ලබා දෙන බදු සහන ඉහළ දමන බවත්,නිවාස ඉදිකිරීම ස්වයංරැකියා ආරම්භ කිරීම ඇතුඵ අනෙකුත් සහන ලබා දීමේදී රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය අනුව එම සහන ලබාදෙන බවත් අමාත්‍ය වරයා සඳහන් කලේය .
popular news
-
Lelwala Tuesday, 05 July 2022 04:06 PM
Government should make an agreement from the employer for the 80% family remittances.
Reply : 0 0
C. Wijeratne Wednesday, 06 July 2022 09:44 PM
ඉස්සෙල්ල මනුස කියක් එවලද බලමුද. අසරන කමට රට යන අයට පල්පාට් දාන්න එපා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

