අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම සියයට 10කින් ඉහළ ගොස් ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම සැප්තැම්බර් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 359ක් දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 34කින් හෙවත් සියයට 10කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි අමාත්‍යවරයා පවසයි.
මේ වසරේ ජුලි මාසය හා සසදා බැලීමේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම ඇමෙරිකානු ඩොලර් මිලියන 80කින් ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යවරයා පවසයි.