2025 අප්‍රේල් මාසයේදිද විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබේ. අප්‍රේල් මාසයේදී විදෙස් ශ්රම්ක ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 646.1ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2024 අප්‍රේල් මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 543.8ක් විය.
ඒ අනුව සැසදීමේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 18.8කින් ඉහළ ගොස් තිබේ.2024 ජනවාරි සිට අප්‍රේල් දක්වා විදෙස් ශ්රම්ක ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2079.9ක් ලෙස ලැබී තිබුණ අතර 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 2409.5ක් ලෙස සියයට 18.3කින් ඉහළ ගොස් තිබේ.