විදෙස් දූත මණ්ඩල 2021දී රු.බි. 3.2ක් හෙව්වා
විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 3,221ක් ජනනය කොට ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොවිඩ්-19 ගෝලීය වසංගතය ආරම්භ වූ අවධියේ සිට විදේශ කටයුතු අමාත්‍යාංශය සිය වියදම් අවම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල කාර්ය මණ්ඩලයට හිමි දීමනා විශාල වශයෙන් අඩු කිරීම සහ අත්හිටුවීම මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත් බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වර්ෂය සඳහා වූ වාර්ෂික අයවැය ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 1,314ක් ඉතිරි කරගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට හැකි වූ බවද අමාත්‍යාංශය පවසයි.
එවැනි පියවර ඉදිරියට ගෙන යන අතරතුර කිසිදු ප්‍රාග්ධන වියදමක් නොදැරීම, විදේශ දූත මණ්ඩලවල සේවය කරන නිලධාරීන් 40 දෙනෙකු ආදේශ කිරීමකින් තොරව ශ්‍රී ලංකාව වෙත මාරු කිරීම, තෝරා ගත් දූත මණ්ඩල තාවකාලිකව වසා දැමීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් වියදම් අවම කිරීම සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල නඩත්තු කටයුතු හා වැටුප් ගෙවීම් සඳහා 2022 වර්ෂයේ මුල් මාස හතර තුළ ඇ. ඩොලර් මිලියන 10.2ක් වැය කරන ලදි. විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 2021 වර්ෂය තුළ රුපියල් මිලියන 3,221 ක ආදායමක් ජනනය කොට ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සිය කොන්සියුලර් සේවා සැලසීම හරහා රු. මිලියන 675 ක් ජනනය කොට ඇති බව මෙම අමාත්‍යාංශය දන්වා සිටියි.
popular news
-
සෙනෙවිරත්න Sunday, 22 May 2022 01:01 AM
ඕව විශ්වාස කරන්නද කියන්නෙ? තමන්ගෙ පවුල්වල ඇයෝ හිතවතුන් ඕවට ඔබල ලාභම කරාවි කියල පිළිගන්නද කියන්නෙ? එහෙනම් කොන්සල් කාර්යාල කීපයක් වැහුවෙ ඇයි?
Reply : 0 0
Country First Monday, 23 May 2022 04:58 AM
Would like to here from Ministry on getting allowances at a conversion rate of Rs 107 per US dollar where the original gov US dollar rate is 365.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

