විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ හා විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරු වලට අනුව එම කඳවුරු වල නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසින් (18) වන දින කුට්ටිගල පොලිස් වසමේ හා මුල්ලියාවේලි පොලිස් වසමේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි අලෙවිය සඳහා සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27 ක මුල්ලියාවේලි ප්රදේශයේ පුද්ගලයකු හා වයස අවුරුදු 44 ක තුංකම ප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුට්ටිගල පොලිස් ස්ථානය හා මුල්ලියාවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් දුමිවැටි :-
1) TRADITIONAL වර්ගයේ දුමිවැටි 400 යි.
2) MANCHESTER වර්ගයේ දුමිවැටි 941 යි.
අත්අඩංගුවට ගත් දුම්වැටි වල දල වටිනාකම රුපියල් 93,870.00 ක් පමණ වේ.
