විදෙස් රටක නිශ්පාදිත දුම්වැටි 2640 ක් නීතිවිරෝධීව ගෙන්වා සඟවාගෙන සිටි පුද්ගලයෙකු යාපනය තෙලිප්පලෙයි ප්රදේශයේදී ඊයේ (05දා) සවස අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි.
තෙලිප්පලෙයි පොලීසියට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව තෙලිප්පලෙයි පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක දයාන් ඉන්දික සිල්වා මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් තෙලිප්පලෙයි ප්රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී ඉතා සූක්ෂමව අදාල විදෙස් දුම්වැටි තොගය සඟවා තිබියදී සොයාගෙන ඇති අතර නිවසේ සිටි 39 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වූහ.
දුම්වැටි පැකට් 132 ක් විදෙස් රටක සිට යාපනයට රැගෙනවිත් වැඩි මිල ගණන් යටතේ විකිණීමට සැකකරු විසින් සැලසුම් කොට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්රදේශයේම පදිංචි කරුවෙකු වන අතර ඔහු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

