විදේශ ගමන් ඉතිහාසයක් නොමැති 31 හැවිරිදි දිල්ලි වැසියෙකුට වඳුරු උණ රෝගය වැළඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වඳුරු උණ යනු වසූරියට සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයකි.
මෙය ඉන්දියාවේ වාර්තා වූ සිව්වන වඳුරු රෝගියා වන අතර මීට පෙර වාර්තා වූ රෝගීන් තුන්දෙනා කේරළයෙන් වාර්තා විය.
මෙම පුද්ගලයා හිමාචල් ප්‍රදේශ් හි මනාලි ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් PTI පුවත් සේවය වාර්තා කළේය.
බටහිර දිල්ලියේ පදිංචිකරු දින තුනකට පෙර රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති අතර පසුව ඔහු වඳුරු උණ ආසාදිතයෙක් බවට තහවුරු කරගෙන තිබේ.
මෙම වෛරස් සම්ප්‍රේෂණය ආසාදිත සතුන්ගෙන් මිනිසුන්ට සෘජු හෝ වක්‍රව සිදුවෙි. ආසාදිත පුද්ගලයාගේ සම හෝ තුවාල, ශ්වසන ජල බිඳිති සමඟ සෘජුව සම්බන්ධ වීමෙන් ද එය මිනිසුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකිය.
මේ වන විට ලොව පුරා රටවල් 75කින් වඳුරු රෝග 16,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. අප්‍රිකාවෙන් ද මරණ පහක් වාර්තා වී තිබේ.
ඉන්දියාව හැරුණු විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයෙන් - තායිලන්තයෙන් වාර්තා වී ඇත්තේ එවැනි එක් සිද්ධියක් පමණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වඳුරු උණ වසංගතය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.