උඩරඩ මැණිකේ දුම්රියේ ගමන්ගත් විදේශ කාන්තාවකට 21 දින සවස සෙරෙප්පු වකින් පහරදුන් බව කියන පුද්ගලයෙක් අද (23) දින උදෑසන අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
දුම්රිය මාර්ගය අද්දර සිටි සැකකරු ඔහු පැළ ද සිටි සෙරෙප්පුවක් ගලවා දුම්රියට විසිකර ඇති බවත් එය එම දුම්රියේම අවට විසිතුරු නරඹමින් ගමන් කරමින් සිටි විදෙස් කාන්තාවගේ මුහුණේ වදින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙදිනම පස්වරුවේම ප්‍රචාරය වී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
එම විඩියෝ දර්ශන වලට අදාල දර්ශන පරික්ෂා කළ බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් කලුපහන මහතා විසින් මේ පිලිබඳව විමර්ශන සිදුකර අදාල සැකකරු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙස ඇල්ල, බන්ඩාරවෙල දියතලාව හපුතලේ ඇතුළු පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක් සිදුකර තිබිණ.
එම විමර්ශන කටයුතු වලදි බන්ඩාරවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පහරදිම දුම්රිය මාර්ගයේ බන්ඩාරවෙල හා කිණිගම අතර දුම්රිය ස්ථාන අතරදි සිදුව ඇති බවත් සැකකරු එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් කළුපහන මහතා පැවසීය.
අත්අඩංගුවට ගක් සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර බණ්ඩාරවෙල පොලිසිය මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.