විදෙස්රටවලින් පැමිණ නිරෝධායනයට රැගෙන ආ 19කට කොරෝනා
මැදපෙරදිග ඇතුලු විදෙස්රටවල් කිහිපයකින් පැමිණි ශ්‍රී ලාංකිකයින් යාපනය නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන එමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකින් 19 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
යාපනය පලාලි වාසවිලාන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත මෙැදපෙරදිග ඇතුලු විදෙස් රටවලින් පැමිණි ශ්‍රීලාංකිකයින් 475 දෙනෙකු රැගෙන ඒමෙන් පසුව එම පිරිසෙන් කොටසකට සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකින් 19 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් අද (18) දින හඳුනාගත් බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පැවසීය.
කෙසේ වෙතත් නිරෝධායනයට පැමිණි සෙසු පිරිස්ද පී.සී.ආර් පරික්ෂණයට යොමු කොට ඇති අතර එහි වාර්ථාද ඉදිරියේදී ලැබීමට නියමිත බවට සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.
මේ අනුව කොරෝනා ආසාදිත පිරිස් කොපායි රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු පිරිස් නිරෝධායනය කිරීමට නාවික හමුදාව ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
