විදෙස්ගතව සිටින තම බිරිද ගෙන්වා ගැනීම හා ඇයගෙන් මුදල් ලබාගැනීම සඳහා අවුරුදු 03 සහ 05 වයසේ පසුවන සිය දියණියන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී කෲරත්වයට පත්කල බව කියන නරුම පියෙකු මාතර වේරදුව ප්‍රදේශයේ නිවසකදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
අමානුෂික වධහිංසාවන්ට ලක්වු බව කියන දැරියන් දෙදෙනා පොලීසිය විසින් මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන ලදි.
එම රෝහලේ ප්‍රතිකාර ලබන ඔවුන් දැඩි ලෙස ශාරිරික හා මානසික හිංසාවන්ට ලක්ව ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.
නේවාසික වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු දැරියන් දෙදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කුඩා දැරියට මාස 05 ක් පමණ වන විට මව විදෙස් ගතව ඇතැයිද ඉන් අනතුරුව මිත්තනියද විදෙස්ගත වීමෙන් පසු සැකකාර පියා එම දැරියන් හදා වඩාගෙන ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඒ අතරතුරදී බිරිද ගෙන්වා ගැනීමට හා ඇයගෙන් මුදල් ගෙන්වා ගැනීමට වීඩියෝ කෝල් ගෙන දරුවන්ට වධහිංසා පමුණුවා තිබෙන බව කියති.
ඉකුත් සිකුරාදා රාත්‍රි එම සැකකරු නිවසේ බාල්කයක පටි එල්ලා තොණ්ඩු දමාපහර දෙමින් දරුවන් ඝාතනය කරන බව වීඩියෝ කෝල් එකක් මගින් මිත්තනියට පෙනෙන්නට සලස්වා ඇති බව දැනගන්නට ඇත.
ඊට අදාල වීඩියෝ පටයද පොලීසියට ලැබී තිබේ.
ඒ අනුව ඒ පිළිබඳව පොලීස් හදීසී ඇමතුම් අංශය වන 119 ට ලැබුණු තොරතුරකට අනුව මාතර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් සැකකාර පියා සැකපිට අත්අඩංගුවට ගෙන දරුවන් පොලීසිය භාරයට ගෙන ඇත.
සැකකාර පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් ද යන්න විමර්ශන සිදු කරන බව පොලීසිය කියයි.
ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් ඇප මත මුදාහරිනු ලැබීය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්