ජාවාරම් කිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස සීමාව ඉක්මවා රන් ආභරණ රැගෙන විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
නීතිවිරෝධී ලෙස රත්‍රං මෙරටට ගෙන ඒම හේතුවෙන් මසකට ඩොලර් මිලියන 30ක පමණ පාඩුවක් රටට සිදුවන බවද ඔහු පැවසීය.
මෙම ජාවාරම්කරුවන් දැනටමත් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත්, මේ හේතුවෙන් සාමාන්‍ය මගීන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවැසීය.