විදෙස්ගතවන රජයේ සේවකයන්ට වසර පහක් දක්වා වැටුප් රහිත නිවාඩු
රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු මත වසර පහක උපරිම කාලයක් රැකියා සඳහා විදේශගත වීමට අවසර ලබාදීමේ යෝජනාවක් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනා ක්‍රමය යටතේ විදේශ රැකියා සඳහා යන අයගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට ඔවුන්ගේ විදෙස්ගතවීම බලපෑමක් ඇති නොකරයි.
නව ප්‍රතිපත්තිය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
දැනටමත් වැටුප් ඇතිව හෝ නොමැතිව විදේශගතව සිටින සහ තවදුරටත් වැටුප් රහිත නිවාඩු අපේක්ෂා කරන ඕනෑම රාජ්‍ය සේවකයෙකුට නැවත මෙරටට නොපැමිණ ඒ සඳහා අවශ්‍ය විධිමත් අනුමැතිය ලබා ගැනීමට ද මෙම යෝජනාවෙන් ඉඩ සැලසේ. නිවාඩු ලබාදීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට නියමිතයි.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි
popular news
-
buddhini witanage Tuesday, 14 June 2022 07:55 AM
හොඳ අදහසක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

