විදුහල්පතිනියට රහස් ප්‍රදේශය පෙන්වූ පොහෙට්ටු මන්ත්‍රී රිමාන්ඩ්
විදුහල්පතිනියකට රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන කොට්ටේ මහ නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්රීවරයයෙකු අගෝස්තු මස 2 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
මෙලෙස බන්ධනාගාරගතකර කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි නමැති පුද්ගලයෙකි.
කොළඹ බාලිකා පාසලක විදුහල්පතිනියක් විසින් වැලිකඩ පොලීසියට කළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පසුගිය මාර්තු මස 20 වනදා සැකකරුව පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ.
එම පැමිණිල්ල විභාග කර නැවත යමින් සිටියදී පොලිස් ස්ථානයේ ආපන ශාලාව අසලදී සැකකරු විසින් අදාළ විදුහල්පතිනියට සිය රහස් ප්‍රදේශය පෙන්වා ඇතැයිද ඒ සම්බන්ධයෙන් විදුහල්පතිනිය නැවත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව වැලිකඩ පොලීසිය අවස්ථා කිහිපයකදී සැකකාර නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවස වෙත ගොස් තිබුණ ද ඔහු එහි සිට නැති බව අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් ඊයේ දිනයේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී අලුත්කඩේ අංක 4 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පොලීසිය විසින් අධිකරණයට දැනුම්දී තිබේ.
ඒ අනුව අධිකරණය ඊට අවසර දෙමින් සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
popular news
-
සමන්ත Friday, 28 July 2023 09:28 AM
පොහොට්ටුවෙ මෙයා විතරක් නෙමෙයි සැට් එකම මානසික වයිද්ය වරයෙකුට පෙන්නපල්ලා... හැම එකාම මරැ කියවනවා..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

