යෝජිත විදුලි පනත හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් එක්ව (22) දින ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ජල විදුලි බලාගාරවල සේවය කරන ඉංජිනේරුවන් සහ සේවකයින් 50%ක් පමණ (22) දින අසනීප නිවාඩු වාර්ථා කර ඇති බවත්, දැනට සේවයට පැමිණ සිටින සේවකයන්ගෙන් කිසිදු බාධාවකින් තොරව විදුලි උත්පාදන කටයුතු සිදු කරන බව ලක්ෂාන විදුලි බලාගාර සංකීර්ණයේ නිලධාරියෙකු පැවසීය.
ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන්, විමලසුරේන්ද්‍ර සහ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සිදු කරන බවයි එන නිළධාරියා වැඩි දුරටත් කියා සිටියේ.