විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට අදාලව වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර සාකච්ඡාවක් ඊයේ (13) සවස දින බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනාගත් රජයක් ලෙස මේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල පුරා සේවක වරප්‍රසාද සහ අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කළ බවත්, වෘත්තීය සමිති නියෝජිතයින් හා විටින් විට සාකච්ඡා කරමින් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළ බවත්, ඒ අනුව, වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කිරීමට උපරිමව ක්‍රියා කළ බවත් පැවසීය.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි වුවත් අමාත්‍යවරයා වශයෙන් මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම තම ප්‍රතිපත්තිය වූ බවත්, සාකච්ඡා ක්‍රියාමාර්ග ඔස්සේ ගැටළු විසඳා ගැනීමේ ක්‍රමවේදයට මුල් තැනක් දී ඉදිරියටත් ක්‍රියාකරන බවද ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෝ තම ඉල්ලීම් වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට ක්‍රියා කිරීමත්, ඉතිරි ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එකඟවීමත් පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාට හා රජයට ස්තූතිවන්ත වන බවත්, සිදුකරගත් එකඟතා අනුව, විශේෂයෙන්ම දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හා සම්බන්ධවී සිටින වෘත්තිය සමිති හෙට දින රැස්වී එකී ක්‍රියාමාර්ගය පිළිබදව මෙන්ම ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කොට වැඩි විස්තර රටට හෙළිකරන බවත් ප්‍රකාශ කළහ.
විදුලිබල ක්ෂේත්රයට අයත් වෘත්තීය සමිති වැඩි ප්‍රමාණයක නියෝජිතයින් මෙන්ම පනත අනුව විදුලිබල ක්ෂේත්රය වෙනුවෙන් අලුතින් පිහිටුවන ලද සමාගම් හතරෙහි අධ්යක්ෂවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
