රුවන්වැල්ල පොලිස් වසමේ ඉහළ මොරාවත්ත ප්රදේශයේදී පුද්ගලයකුට විදුලිසැර වැදී කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට රුවන්වැල්ල පොලිසියට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 18 ක් වූ මොරාවත්ත, රුවන්නැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වාහන සේවා කටයුතු සිදුකරන ස්ථානයක රැකියා කටයුතු කරන අතරතුර මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත. රුවන්වැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.