ඌරගස්මංහන්දිය මීගස්පිටිය කන්දරකිනා කන්ද ප්රදේශයේ නිවසකට විදුලිය ලබාදීමට ඇද තිබූ විදුලි රැහැනට (මේන් වයර් එක) ගසක අත්තක් කඩා වැටී බිම වැටුණු ප්රධාන වයරය ඇල්ලූ කාන්තාවක් ඊයේ(13) විදුලි සැර වැදී මිය ගිය බව ඌරගස්මන්හංදිය පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය මීගස්පිටිය රකිනාකන්ද රකිනා පදේශයේ පදිංචි පී දයාවතී නමැති හැත්තෑහතර හැවිරිදි කාන්තාවකි.
මිය ගිය කාන්තාව සිය නිවසට යාබදව තිබූ සිය සොහොයුරිගේ නිවසට විදුලිය සැපයීමට ඇද තිබූ විදුලි රැහැනට ඊයේ (13)පැවති තද සුළඟකින් ගසක අත්තක් කඩා වැටීමෙන් බිමට වැටී තිබූ ප්රධාන වයරය ඇල්ලීමට ගොස් සිටියදී විදුලි සැර වැදී ඇති බවද පොලීසිය කියයි.පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව විදුලි සැර වැදී මිය ගිය කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බවත් පොලීසිය කියයි.