විදුලි වෘත්තීය සමිති හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර හමුවක් අද පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා යෝජිත විදුලි බල සංශොධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරිමට තීරණය කළ හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොගන්නා බව වෘත්තීය සමිති විසින් අමාත්‍යවරයට ප්‍රකාශ කිරීමට නියමිතය.
යම් හෙයකින් හෙට දිනයේදී පනත ඉදිරිපත් කළහොත් අද රාත්‍රී 12 සිට වැඩ වර්ජනයකට යන බව ඔවුන් ප්‍රකාශ කරයි. කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ හෙට දිනයේදී අනිවාර්යයෙන්ම පනත ඉදිරිපත් කරන බවයි.