විදුලි බිල වැඩි නොකළොත් පැය 6-8ක විදුලි කප්පාදුවක්
ලබන ජනවාරි මාසයේ විදුලි බිල අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු බවත් එසේ නොවුණ හොත් ලබන වසරේදී අනිවාර්යයෙන්ම පැය 6-8ක විදුලි කප්පාදුවකට යාමට සිදුවෙනු ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට ලබන වසරේදී රුපියල් 56.90ක් වැය වන බවට උපකල්පනය කර ඇති බවත් විදුලිය බල මණ්ඩලය ඉල්ලූ සංශෝධනවලට මහජන උපයෝගීතා කොමිසම පසුගිය කාලයේදී අනුමැතිය ලබා නොදුන් බවත් ඔහු පැවසුවේය.
විදුලි බිල වැඩි කිරීම සිදුවන්නේ පසුගිය පාඩු අය කර ගැනීමට නොවන බවත් විදුලි බල මණ්ඩලයට රුපිය් බිලියන 432ක පමණ මුදලක් අයවිය යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
popular news
-
Kumar Wednesday, 07 December 2022 02:27 AM
bila wadikeruwata bil gewanney nathinam athi wadak thibenawada.
Reply : 0 0
LGPJ Thursday, 08 December 2022 01:08 AM
Modern method for increasing supply of electricity .!!!! Hurah !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

