විදුලි බිල වැඩි කළොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිලත් ඉහළට
විදුලි බිල වැඩි කිරීමක් සිදුකළහොත් අනිවාර්යයෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (30දා) දින ඒ මහතා මේ බව පවසා සිටියේය.
මේ වනවිට බේකරිවල විදුලි බිල දැනටත් තිබුණු මිලට වඩා දෙගුණ වී ඇතැයි පවසන ජයවර්ධන මහතා, නැවත විදුලි බිල වැඩි කළහොත් බේකරි කර්මාන්තකරුවන්ට කිසිසේත්ම දරාගත නොහැකි වන බවද ප්‍රකාශ කළේය.
මේ වනවිටත් බේකරි කර්මාන්තයට අවශ්‍ය පාන් පිටි, බිත්තර, සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත්, ඉන්ධන සහ විදුලි බිල වැඩිවීමත් හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳවැටීමකට ලක් වී ඇතැයිද හෙතෙම පවසා සිටියේය.
මෙම තත්ත්වය මත යම්හෙයකින් විදුලි බිලද නැවත වැඩි කිරීමක් සිදුකළහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත්, එසේ වුවහොත් බේකරි කර්මාන්තය තවත් බිඳවැටීමට හේතු විය හැකි බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

