පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමූ ආණ්ඩුව ජනතාවට තවත් බැට දීමට සූදානම් වන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
තම නිල ෆේස් බුක් පිටුවට වීඩීයෝවක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ජනතාව පෙලන මේ විදුලි බිල් සහ තෙල් බිල්වලට එරෙහිව ප්රජාතන්ත්රවාදී ජනතා නැගිටීමක් අවශ්‍ය බවයි.
“ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරලා තියෙනවා අති විශාල වැඩි කිරීමක් විදුලිබල ක්ෂේත්රයේ. අද විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 75 ක් පමණ විදුලි පාරිභෝගිකයන්ගෙන් මිලියන 6.5කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්."
විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ලබාදුන්නාය කියන යෝජනාවෙන් ඉතාම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන එනම් ඒකක 0 සිට 30 දක්වා විදුලි පරිභෝජනය කරන 1389000 කට ආසන්න පිරිසකගේ විදුලි බිල ආසන්නයෙන් පස් ගුණයකින් වැඩි කිරීමට නියමිත බවද ඔහු මෙහිදී හෙළිදරව් කළේය.
"ඒකක 31 - 60 දක්වා විදුලි පාරිභෝගිකයන්ගෙ විදුලි බිල සියයට 350 කින් වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකක 60-90 විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 166ක විදුලි බිල වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා.
ඒකක 90 ට වඩා අඩු කණ්ඩායමේ තමයි අති විශාල පිරිසක් ඉන්නේ. ආසන්නයෙන් විදුලි පාරිභෝගිකයන්ගෙන් තුනෙන් දෙකක් විදුලි පරිභෝගිකයෝ ඉන්නේ. ඒකක 180 ට වඩා විදුලිය පාවිච්චි කරන අයගෙන් අය කරන්න යෝජනා කරලා තියෙන්නේ සියයට 18ක වැඩිවීමක් පමණයි.”
