ඉහළ ගිය විදුලි මිල වැඩි වීම සහ බඩු මිල වැඩි වීමට එරෙහිව හොරණ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් හොරණ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී අද සවස (17) පැවැත්වුණි .
"සාගතයේ බර ගැහැනුන්ට, හාමතේ ගිනි දරුවන්ට "යන තේමාව යටතේ මෙහිදී කාන්තාවන් සියයකට වැඩි ප්‍රමාණයක් "බඩුමිල රොකට්වගේ, පාසල් දරුවන්ගේ ජීවිත අනතුරේ, විදුලි බිල සියයට 66 කින් ඉහළ ගියත් ගෙවන්න සල්ලි නැහැ,, බෙහෙත් නැහැ ,,රෝගී ජීවිත අනතුරේ ,,විදුලි බිල පහත හෙලනු,රනිල් රාජපක්ෂගේ ප්‍රායෝගික අයවැය පුස්සක්....යන සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය නිරත වූහ.





අඟුරුවාතොට -මංගල එදිරිසිංහ