කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් වන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබා දුන්නත් ඒ් සඳහා කොමිෂම ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවමත් දැනුම් දීමක් කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
ඒසේම විදුලි සැපයුම ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වයන් සම්බන්ධයෙන ඔහු කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
"ඊයේ දිනය වන විට ලංවිම ඛනිජ තෙල් සංස්ථාවට ගෙවන්න තිබෙනවා රුපියල් බිලියන 106ක්. පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 50ක් ගෙවීමට තිබෙනවා. වහල මත සූර්ය පැනල සවිකර ඇති අයට රුපියල් බිලියන 5ක්, පුද්ගලික බලාගාර වලින් ලබාගත් විදුලිය වෙනුවෙන් බිලියන 90ක් ගෙවන්න තිබෙනවා.
ජනවාරි ගල් අඟුරු වෙනුවෙන් රුපියල් බිලියන 38ක්. පෙබරවාරි ගල් අගුරු වෙනුවෙන් රුපියල් බිලියන 31ක් ගෙවන්න තිබෙන බවත් අමාත්‍යවරයා පැවැසීය. මේ මුදල් ගෙවීමට තිබෙන නිසා ඉතාම දුෂ්කරතාවයට පත්වෙලා තිබෙනවා.
ඒ් අනුව අමාත්‍යවරයා කිව්වා ගාස්තු වැඩි කරන්නේ නැතිව විදුලි බල සැපයුම ලබාදෙන හැකි ආකාරය කියන්න කියලා."