විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීම හෙට සිට දින 21ක් තුළ සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එක් ඒකකයක් මේ වන විට අයකරන රුපියල් 16ක මුදල රුපියල් 32ක් දක්වා වැඩිකිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ රුපියල් 28ක් බවද ඔහු පැවැසීය.
විදුලි බිල වැඩිකිරීම හරහා ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 512ක ආදායමක් අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.
කෙසේ වෙතත් ඒකක 30, 60, 90 ලෙස අඩුවෙන් පාරිභෝජනය කරන පුද්ගලයන්ට සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් බිලියන 65ක් පමණ වැය වන බවත් ඔහු පැවැසීය.
ස්ථාවර ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇතැත් එය ලංවිම ඉල්ලූ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් වැඩි කිරීමට අවස්ථාව දෙන බවත් ඔහු පැවැසීය.