විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී ඇති බව වාර්තා වෙයි.
ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මෙසේ මිල වැඩි කිරීමට අනුමැතිය ලබා දී තිබේ. 2014 වසරේ සිට විදුලි ගාස්තු ඉහළ නොදැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් මෙසේ මිල වැඩිකිරීමට අවසර දී තිබේ.
විදුලි මිල වැඩිකරන ආකාරය පිළිබඳව මේ දක්වා පැහැදිලි කිරිමක් කර නොමැත.