විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිි සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර 23 දා සම්මත කර ගැනිමට නියමිතය.
මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ, 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගිනි. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.