ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජිත නව අය ක්‍රමය හරහා මේ වන විට රුපියල් 214ක විදුලි බිලක් ලබන පුද්ගලයෙකුගේ නව බිල රුපියල් 753ක් දක්වාත් රුපියල් 674ක විදුලි බිලක් ලබන පුද්ගලයෙකුගේ නව බිල රුපියල් 2174ක් දක්වාත් වැඩිවන බව ලංවිම සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි.
"2014 වසරේ සිට අවුරුදු 9ක් අපේ අය ක්රමයේ වෙනසක් වුණේ නෑ. මේ කාලසීමාව තුළ ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 350ක් පාඩු ලැබුවා. ඔය කාලයේදී අපි මිලියන 1.4ක් වුණ විදුලි පාරිභෝගිකයන්ට විදුලිය දුන්නේ රුපියල් 59කට. තවත් මිලියන 1.5කට අපි විදුලිය දුන්නේ රුපියල් 231කට. අවුරුදු 9ටම ඒ්වා වෙනස් වුණේ නෑ.
පසුගිය වසරේ අය ක්‍රමය වෙනස් වුණාට පස්සේ මිලියන 1.4ක් අද ගෙවන්නෙත් රුපියල් 214යි. රුපියල් 214කට මාසයක් විදුලිය දීම අපහසු කටයුත්තක්. තවත් මිලියන 1.5කට අද අපි විදුලිය දෙන්නේ රුපියල් 674කට.
ඒ් දෙක එකතු කළාම මිලියන තුනක් විතර වෙනවා. අපේ ගෘහස්ත පාරිභෝගියන් ඉන්නේ මිලියන 6ක්. අලුතින් යෝජනා කරලා තියෙන අය ක්‍රමය යටතේ රුපියල් 214 කියන ඒක රුපියල් 753 දක්වා වැඩිවෙනවා. රුපියල් 674ට තියෙන එක රුපියල් 2 178ක් දක්වා වැඩිවෙනවා.
කර්මාන්ත කරුවන්ගෙන් අපි දැනට අය කරන ඒකකයක් වෙනුවෙන් රුපියල් 20ක මුදල රුපියල් 26ක් දක්වා වැඩිවෙනවා. මහා පරිපාන කර්මාන්ත කරුවන්ට රුපියල් 34.50ක තිබුණ ඒක රුපියල් 40ක් වෙනවා.
කර්මානත කරුවන්ට වැඩිවීම ගොඩක් අඩුයි. අපිට ඒක් ඒකකයක් හදන්න රුපියල් 48.42 ත් අතර මුදලක් යනවා.
ගෘහස්ත පාරිභෝගකයන් වෙනුවෙන් ඒ්කක 0 -30 දක්වා අය කළ ස්ථාවර ගාස්තුව රුපියල් 120 සිට රුපියල් 400ක් බවට පත්වෙනවා. 31 -60 අතර 240ට තිබුණ ගාස්තුව රුපියල් 550ක් වෙනවා. 60 -90යි අතර 360ට තිබුණ ඒක 650ක් දක්වා වැඩිවෙනවා.
90-180යි අතර රුපියල් 960ට තිබුණ ඒක රුපියල් 1500ක් වෙනවා. 180න් වැඩි ඒ්කක වෙනුවෙන් රුපියල් 1500ට තිබුණ ඒක රුපියල් 2000ක් වෙනවා"
VIDEO