විදුලි බල ජලාශ වික්කොත් බොන්න වතුරත් ගොවිතැනට වතුරත් අහිමි වීමේ තර්ජනයක්
පසුගියදා කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට හා වෙනත් ආයතන 4කට කොම්පැනිකරණයකට ලක්වීමට යන බව හිටපු විදුලි බල ඇමැතිවරයෙකු මෙන්ම 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එමෙන්ම ජල විදුලිය නිපදවන ජලාශ කොම්පැනිකරණය කළහොත් එය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම හා ගොවිතැනට ජලය අහිමි වීමේ තර්ජනයක් බව ද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම දැනට පවතින සැබෑ ඉන්ධන මිල හා සැබෑ ඉල්ලුම රටට හෙළිකර දීම අමාත්‍යංශයේ හා මහජන උපයෝගීතා කොමිසමේ වගකීම වන අතර, එසේ නොකර විදුලි බිල වැඩි කිරීම විසඳුමක් හෝ අවශ්‍යතාවයක් නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘විදුලි බල මණ්ඩලය කොම්පැණිකරණය කිරීම’ මැයෙන් 43 සේනාංකය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
“ඉතාම සරලව කිව්වොත්, ලංකාවේ විදුලිබල මණ්ඩලය සහ ඊට අනුබද්ධ ආයතන එකිනෙකට වෙනස් කොම්පැනි 18 කට හා ආයතන 4 ක්ට වෙන් කරන්නට අදාළ කමිටු වාර්තාවක් නිකුත් උනා. ඒ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා තිබෙනවා. කොම්පැනි 18 කට හා ආයතන 4 ක් හැටියට 22 කට ලංකා විදුලිබල මණ්ඩලය හා අනුබද්ධ ආයතන වෙන්කොට පවත්වා ගැනීම. මේක කියන්න පුළුවන් ලංවීම විසුරුවා හැරීමක් කියලා. මේ යෝජිත වැඩ පිළිවෙල 1969 බිහිකරපු මේ ආයතනය විසුරුවා හැරීමක්”
ජනන, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන අංග 3 ක් පවතී. 2002 දී කොටස් 6 කට වෙන්කොට පාලනය කළත් ලංවිමය නමැති තනි ඒකකයේ පැවැත්ම අහෝසි වූයේ නැත. යෝජිත නව කොම්පැනිකරණය යටතේ ජනන ක්ෂේත්රය ආයතන 6 කට වෙන් කෙරේ.
විදුලිබල බලශක්ති ප්‍රතිසංස්කරණ පනත, නමින් නව පනතක් යෝජනා කරලා තියෙනවා. මේක ක්‍රියාත්මක කිරීම සඳහා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, වසර දෙකක කාලයක් ඇතුළත මේ පරිවර්තනය අවසන් කිරීම තමයි අරමුණ.
මෙහි භයානකම අංගය තමයි. ජල විදුලිය කොම්පැනි කරණය කිරීම. මේකට නම් මේ රටේ ජනතාව කිසිම විදිහකට කිසිම රජයකට ඉඩ දිය යුතු නෑ. ලක්ෂපාන බලාගාරයට සම්පූර්ණයෙන්ම ඒ බලාගාර සංකීර්ණයට කැලණියේ ගඟේ අපි ගෙවලා ඉවරයි. මහවැලි බලාගාර වලට මේ රටේ ජනතාව ගෙවලා ඉවරයි. මේවා නැවත විකුණන්න පාලකයින්ට කිසිම අයිතියක් නෑ.

මේ ජල විදුලි බලාගාර හුදු විදුලි බලාගාර නෙමෙයි. කැළණි ගඟෙන් තමයි කොළඹ නගරයේ වතුර බොන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වතුර බොන්නේ. මහවැලි ගඟෙන් තමයි, මහවැලි කලාපයේ ගොවියෝ වතුර දැම්මේ. දැන් කොම්පැනි වලට විකුණුවාට පස්සේ කොළඹට වතුර දෙන්න බැහැ. අපි ඒකෙනුත් හදනවා කියලා ඒ කොම්පැණිය කිව්වොත්.
මොකද කොළඹ නගරයේ ජල පානය කරන මිනිස්සුන්ට වෙන්නේ. මහවැලිය වික්ටෝරියාව අපි දිගටම දුවනවා. අපිට වැඩක් නැහැ. යල කන්නේ මහ කන්නයට වතුර දෙන එක කියලා කොම්පැනිය කල්පනා කළොත් මොකද වෙන්නෙ ගොවියන්ට. ඒ නිසා ප්‍රායෝගිකව මේ කවුරු උඩ ඉඳන්, හීතල කාමරවල ඉඳන් මේවා විකුණලා, අච්චර ඩොලර් එනවා, මෙච්චර ඩොලර් එනවා කියලා හීන මැව්වට, මේවා රටේ ජනතාවගේ ජාතික සම්පත් මේ වතුර.
මේවායින් දස ලක්ෂයන් සංඛ්‍යාත පිරිසක් වතුර බොනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මිලියන 1.5 කට අධික පිරිසක්, ලක්ෂ පහළොවකට අධික පිරිසක් ජලය පානය කරනවා. එක කොම්පැනියක අතට දුන්නොත් එහෙම මොනවා වෙයිද? ලක්ෂ සංඛ්‍යාත හෙක්ටයාර් ප්‍රමාණයක් මහවැලියේ වගා කරනවා. ගොවි පවුල්. ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් ප්‍රමාණයක් යැපෙනවා. මහවැලියේ කොම්පැනියකට දුන්නොත් මොකද වෙන්නේ? ඉතින් ඒක නිසා මේවා ගැන කිසිම අවබෝධයකින් තොරව කරපු දෙයක් අපි තරයේම විරුද්ධයි”
popular news
-
Kumar Thursday, 08 December 2022 02:22 AM
JR arnduwa kaale nomiley labuna widulibalagara CEB ekat wiku bawanam mama dannawa. Eh kiyannay Victoria, Kotmale, Randenigala saha rantambe vidulibalagarayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

