විදුලි පනත නීතිපති දෙපාර්තමේන්තුවට
නව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරණ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි
නව විදුලිබල පනත සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සහ ප්‍රතිව්‍යුහගත කිරීම සදහා පහසුකම් සපයන සංවර්ධන නියෝජිත ආයතනවල නීති සහ බලශක්ති උපදේශකයන් සමග හමුවක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත් වු බවද එම අමත්‍යංශය පෙන්වා දෙයි
මෙම අවස්ථාවට ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා මෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සමාජිකයන් ද, සංවර්ධන නියෝජිත ආයතනවල උපදේශන නියෝජිතයන් ද සහභාගි වි තිබේ
කලින් සැලසුම් කල කාලරාමුව, කමිටු නියෝජිතයන් සහ ක්ෂේත්රයේ පාර්ශවකරුවන් විසින් සිදු කරන ලද නිරීක්ෂණ මත වෙනස්වූ බවත් සංශෝධන සහිත නව පනත ලබන මාසයෙදි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරණ බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
